Adobe and Mac compatible Sinhala Unicode fonts
සාමාන්‍ය සිංහල යුනිකේත අකුරු සඳහා මැකින්ටොෂ් පද්ධතිය සහ ඇඩෝබ් මෘදුකාංග සහය නොදක්වයි. නමුත් සිංහල යුනිකේත ෆොන්‍ටයේ වෙනස් කම් කීපයක් කර ඒවායේද ක්‍රියාමත්මකවන ආකාරයට යුනිකේත අක්‍ෂර සකස් කළ හැකියි. මේ මගින් ඔබට එවන් අකුරු බාගත කළ හැකියි.
Kaputa Font
මෙය සකස් කිරීමට සහ මේ අඩවියේ නිකුත් කිරීමට අවසර ලබාදුන් eFusion ආයතනයේ තුසිත රන්දුනු(අකුරු රටාවේ(Font) නිර්මාණකරු) සහ නිරංජන් මීගම්මන යන මහත්වරුන්ට ස්තූතිය.
කපුටා යුනිකේත අකුරු සමගම ඉංග්‍රීසි අකුරුද අඩංගු වීම තවත් වාසියක්.
දෝෂ (Known Issues)
On Apple Macintosh
මැකින්ටොෂ් පද්ධතියේ 10.4 වෙළුම හෝ ඉහල වෙළුමක් භාවිතා කළ යුතුය.
- FireFox – නිවැරදිව දර්ශණය වේ. දෝෂ හඳුනාගෙන නැත.
- TextEdit – නිවැරදිව දර්ශණය වේ. දෝෂ හඳුනාගෙන නැත.
- Safari – නිවැරදිව දර්ශණය නොවේ.
- Adobe Photoshop CS3/CS4 – දත්ත නොමැත.
- Adobe Illustrator CS3/CS4 – දත්ත නොමැත.
- Adobe InDesing CS3/CS4 – දත්ත නොමැත.
On MS Windows
- Adobe Photoshop CS3/CS4 – නිවැරදිව දර්ශණය වේ. දෝෂ හඳුනාගෙන නැත.
- Adobe Illustrator CS3/CS4 – නිවැරදිව දර්ශණය වේ. දෝෂ හඳුනාගෙන නැත.
- Adobe InDesing CS3/CS4 (Windows 7) – නිවැරදිව දර්ශණය වේ. දෝෂ හඳුනාගෙන නැත.
- Adobe InDesing CS3/CS4 (Windows Vista) – දත්ත නොමැත.
- Adobe InDesing CS3/CS4 (Windows XP) – රකාරාංශය , රේපය සහ යංසය නිවැරදිව දර්ශනය නොවේ.
සිංහල යුනිකේත දර්ශනයේ වැරදි ඇති තැන් අපට දන්වන්න. අපට තවදුරටත් වැරදි හඳුනා ගැනීමට එය ඉවහල් වෙනු ඇති.
ඔබගේ ප්‍රතිචාර info @ cplus . lk ලිපිනයට දැනුම් දෙන්න.
Posted on November 15, 2009 · Categorized under Downloads · Sinhala




