Home » 2010 » February

මේ ශිෂ්‌ඨාචාර ගතවීමට කාලයයි

මේ ශිෂ්‌ඨාචාර ගතවීමට කාලයයි. ශ්‍රී ලංකාව තුළ පරිගණකය යම්‌තාක්‌ දුරකට දැන්‌ මුල්‌ බැසගෙන හමාරය. අඩුම තරමින්‌ ඉන්‌ටනෙට්‌ හෝ පරිගණකය යන වචනයවත්‌ අසා නොමැති අයෙක්‌ සොයාගැනීමට අපහසු තරමටවත්‌ එය සමාජගතවී ඇත. ඒ පිළිබඳ තුන්‌වන ලෝකයේ රටක්‌ ලෙස අපට යම්‌තාක්‌ දුරකට සතුටු විය හැකියි.

නමුත්‌ අපට එපමණකින්‌ සතුටු විය නොහැකිය. මුල්‌ කාලයේ ශ්‍රී ලංකාව තුළ පරිගණක සඳහා හරි හැටි නීතියක්‌ නොතිබිණ. අනෙක්‌ අතට සාමාන්‍ය ආදායමක්‌ ලබන පුද්‌ගලයෙකුට හොර මෘදුකාංගයක්‌ භාවිතා කරනු විනා වෙන විකල්‌පයක්‌ නොතිබිණිි.

නමුත්‌ ඒ පරිවර්‌තන අවධියෙන්‌ අපි දැන්‌ මිදිය යුතුය. තොරතුරු තාක්‍ෂණය තුළ මහත්‌මා ලක්‍ෂණ ස්‌ථාපනය කළ යුතුය. 2007 අවුරුද්‌දේ පරිගණක අපරාධ පිළිබඳ පනත බල ගැන්‌වීම සාධනීය ලක්‍ෂණයකි. නමුත්‌ දැන්‌ නීතිය පොතට පමණක්‌ සීමා නොවී බල ගැන්‌වීමට කාලයයි. අද වන විට වින්‌ඩෝස්‌ පරිගණක පද්‌ධතියේ නීති වි‍රෝධී පිටපත්‌ අලෙවිය තහනම්‌ය. එයද සාධනීය ලක්‍ෂණයකි. ඔබ පරිගණක මෘදුකාංගයක්‌ සඳහා මුදල්‌ ගෙවීමට අකමැතිනම්‌ හොඳම විකල්‌පය FOSS (Free and open source software) භාවිතා කිරීමයි.

එතකින්‌ අප නැවතිය යතු නොවේ. පුවත්‌පත්‌ හා සඟරා වැනි මාධ්‍ය භාවිතයේ පවා එය ආචාරධර්‌මයක්‌ විය යුතුය. නමුත්‌ කණගාටුවකට මෙන්‌ අද පලවන බොහෝ ඩිජිටල්‌ සඟරාවලින්‌ මෙය සිදුනොවේ. ඔවුන්‌ගේ පරිගණක සඟරාවලින්‌ උගන්‌වන්‌නේ වින්‌ඩෝස්‌ ක්‍රැක්‌ කරන හැටිය. හොරකම්‌ කරන හැටිය. ඒ යමෙක්‌ ප්‍රථමයා වූ පමණින්‌ ප්‍රමුඛයා නොවන්‌නේය යන්‌න පසක්‌ කරමිනි.

හැදෙන්‌නට කල්‌ ඇත. අපි වෙනස්‌ වෙමු. අනුන්‌ගේ ප්‍රතිරූපණ අයිතියට (copyright) ගරු කිරීමට ඉගෙන ගනිමු. තව දුරටත්‌ මුරණ්‌ඩු වන්‌නට සිතන්‌නේනම්‌ පරිගණක අපරාධ පිළිබඳ පනත යටතේ ක්‍රියාත්‌මක කිරීමටද අප පසුබට නොවෙමු.

Posted on February 28, 2010 · Categorized under Editorial Note · Sinhala

March 2010 – Vol No. 1 Issue No. 3

කතුවැකිය

මෙම කලාපයේ

Computer Technology

  • ඇපල් මැක් පරිගණක හා Mac OS
  • Foss තියන් Loss වෙන්න එපා
  • Broadband අන්තර්ජාල සේවා තෝරාගැනීම
  • 3D Glasses
  • eBay
  • Guide to create a FPS game
  • Get more Hard Disk Free spaces
  • Google Buzz
  • Hardware පාඩම
  • iPad ඇවිල්ලා
  • Mobile Phone Reviews
  • Shortcuts
  • VirtualBox
  • Photoshop
  • Dreamweaver
  • DDOS Attack

Interactive Learning

  • Adobe Illustrator – දුලිත් පතිරගේ
  • Adobe Flash – දුලිත් පතිරගේ
  • Maya – අමිල සී කුමාරසිංහ
  • Adobe Premiere – විරංග කටිපෙආරච්චි
  • Adobe Photoshop – දුලිත් පතිරගේ
  • Adobe After Effect – අමිල සී කුමාරසිංහ
  • Web Developing- තිලිණ ගුණසේකර

ප්‍රපංච

  • Depression
  • අත්තානං
  • H.A. Perera
  • රට පෙරළන ලියවිල්ල
  • වැරදි කුණාටුව – The wrong strome
  • මනුෂත්වයා – 2
  • සංක්‍රාන්ති
  • ඔවුන්ගේ හඬ කා වෙනුවෙන්ද
  • සන්ධ්‍යාව
  • 2012 Doomsday Phenomenon

විශේෂාංග

  • How to record a chess game
  • Fatal rain check
  • Card Magic
  • Astronomy
  • මහ පොළව මත පෑයූ තරු කැට
  • YBA
  • ළිඳට වැඩුණු හිරු ඡායාවෙන් හෙලි වූ පෘථිවි පරිධිය
  • ඉලක්කයට විසිකරන්න පුහුණුවෙමු

අධ්‍යාපනික

  • ජීව විද්‍යාව
  • සංයුක්ත ගණිතය
  • O/L ICT

Podcast

Posted on February 28, 2010 · Categorized under Issues · Sinhala

රට පෙරලා තෑගිදිනාගන්න

බන්දුල ගේ රට පෙරලන ලියවිල්ල කියවා මාස්පතා තෑගි දිනාගන්න. වැඩිවිස්තර සඳහා cPlus සඟරාවේ ප්‍රපංච අතිරේකයේ පල වන රට පෙරලන ලියවිල්ල කියවන්න. ඔබගේ ප්‍රතිචාර ලබාදීමට මෙම සමූහයේ සාමාජිකත්වය ලබා ගන්න. http://groups.google.lk/group/rataperalanaliyavilla?pli=1

Posted on February 17, 2010 · Categorized under News · Sinhala

සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණය

රටක සංවර්ධනය සඳහා තොරතුරු තාක්‍ෂණය කොතරම් වැදගත්ද යන්න අප මෙහිදි කතා නොකරමු. මන්ද ඊට පෙරාතුව තොරතුරු තාක්‍ෂණයේ නිවැරදි භාවිතයක්වත් මෙරට පැවතිය යුතු නිසාය. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා ප්‍රමිතිකරණකයට ලක්නොවූ තොරතුරු තාක්ෂණය භාවිතය සහ වගකීම හඳුනා නොගත් වෘතිකයන් අතින් නම් අප ඉදිරියෙන් සිටිමු.

ප්‍රමුඛතමයන් සහ ප්‍රථමයන් යැයි තමන්ම කියාගන්නා තාක්ෂණික අංශයේ ආයතන වල පවා තත්වය මෙයයි. අඩුම තරමේ මෙවන් ආයතනයක ප්‍රාථමිකම අවශ්‍යතාවක් වන වෙබ් අඩවියක් පවා මේ ආයතන වලින් බහුතරයකට නැත. තිබුණත් ඒවා වසර ගණනකින් යාවත්කාලීන කිරීමටවත් ඔවුන් සැලකිලිමත්වී නොමැත.

මෙම ගැටළුවට ප්‍රධානතම හේතුව වනුයේ අපරටේ වෙසෙන තොරතුරු තක්ෂණවේදීන් ගේ ඇති දුර්වල තාවයයි. අප සිහියේ තබාගත යුත්තේ තොරතුරු තාක්ෂණය යනු වගකීමක් සහිත වෘතියක් බවයි. තොරතුරු තාක්ෂණ වෘතීයවේදීන් (professionals) ලෙස හඳුන්වන්නේ අයිතීන් ඉල්ලා සිටින්නන් නොව අයිතීන් ලබා දෙන්නන්ය. සමාජයෙන් යමක් ලබාගන්නට නොව සමාජයට යමක්දීමට සැරිසී සිටිය යුතු කොටසකි.

සත්‍ය වසන් කරමින් සහතිකලත් programmer යනුවෙන් නමක් ගත් පමණින් මසකට පනස් දහසේ සිට ආදායමක් ලබාගත හැකි බව පවසමින්, තොරතුරු තාක්ෂණය වෘතිකයන් සිල්ලරට වෙළඳ පොලේ තොග ගණනින් විකිණෙමින් පවතී.

අවසාන වශයනේ කිව යතුත්තේ.මෙවන් තත්වයන් නීති පනත් මගින් නොව සමාජය දැනුවත් බවින් සහ ස්වයං විනය මගින්ම පමණක් නිවැරදි කරගත යුතු බවයි. නොඑසේනම් ඔබටත් අපටත් සැමදා තුන්වන ලෝකයේ රටක් ලෙසම රැඳී සිටිය හැක.

Posted on February 13, 2010 · Categorized under Editorial Note · Sinhala

February 2010 – Vol No. 1 Issue No. 2

කතුවැකිය

මෙම කලාපයේ

Computer Technology

  • ජංගම දුරකථනයේ පැටිකිරිය
  • HTML5
  • Create your own Games with “Game Maker”
  • Broadband Internet /li>
  • Delphi Programming
  • Computer Hardware
  • Dreamweaver
  • Beeps Code
  • පුළුල්නොවූ පුළුල්පරාස අන්තර්ජාල සේවා
  • බහු ක්‍රීඩක පරිගණක ක්‍රීඩා
  • Hackintosh
  • Install Linux in VirtualBox
  • Adobe Photoshop
  • Adobe Photoshop
  • Oh God!! Save me from spams

Interactive Learning

  • Adobe Illustrator
  • Adobe Flash
  • Maya
  • Adobe Premiere
  • Adobe Photoshop
  • Adobe After Effect
  • Inkscape
  • Web Developing

ප්‍රපංච

  • අලිමංකඩ
  • ඌරන්ට මොන ෆ්‍රයිඩ්රයිස් ද?
  • මොඩර්න් කවි
  • වැරදි කුණාටුව
  • අයිතිකරගැනීම
  • තටු ඇවිල්ලා
  • The Romantic opera
  • සංදේශය: රට පෙරලන ලියවිල්ල
  • හතර‍වැනි මානය සහ ක්‍රිස් ඒන්ජල් [Forbiden Archives]
  • This us

විශේෂාංග

  • Avatar
  • How to play chess
  • ඒක වැස්සක්වගේ වුනත් [කෙටි කතාව]
  • ඉන්දීය පරාජයේ නිරුවත වසාගත් IDEA කුසලාන ජයග්‍රහණය
  • ලොව වෙනස් කළ නව සොයාගැනීම් 10
  • පෙරිස්කොප් හෙවත් පාරිදර්ශකයක් සාදන ආකාරය
  • Young Biologists association
  • Barn Buddy
  • වැඩි තත්වය සහ ඉහල ඵලදායිතාවයට

අධ්‍යාපනික

  • ජීව විද්‍යාව
  • රසායන විද්‍යාව
  • සංයුක්ත ගණිතය
  • O/L ICT

Podcast

Posted on February 13, 2010 · Categorized under Issues · Sinhala

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5