Home » Editorial Note » cPlus සහ අපි යන මග

cPlus සහ අපි යන මග

cPlus සඟරාව නිකුත්‌ කළ දිනයේ සිට පාඨක ඔබගෙන්‌ ලැබුනු සියළු ප්‍රතිචාර වලට අපගේ ස්‌තූතිය. පරිගණක හා අධ්‍යාපනික ඩිජිටල්‌ සඟරාවක්‌ ලෙස නැගී සිටීමට ඔබෙන්‌ ලද සහයෝගය අප ඉතා අගය කරමු.

අපේ අරමුණු මෙයයි, අපි කරන්‌නේ මෙන්‌න මේවා යැයි කිමට වඩා එය ක්‍රියාවෙන්‌ම පෙන්‌විය යුතු යැයි අපි දැඩිව විශ්‌වාස කරමු. එය අප සාර්‌ථකව සිදු කර ඇතැයිද අපි සතුටු වෙමු. එසේ වුවත්‌ පාඨක ඔබ වෙනුවෙන්‌ අප සඟරාව ගැන ස්‌වයං විචාරයක්‌ කරන්‌නට දැන්‌ හොඳම කාලයයි.

අප වඩා මූලික තැනක්‌ දෙන්‌නේ අන්‌තර්‌ගතයේ ගුණාත්‌මක භාවයට මිස ප්‍රමාණයට නොවෙයිි. එසේම අන්‌තර්‌ජාලයෙන්‌ බාගත කරගන්‌නා මෘදුකාංග ආදිය මගින්‌ සංයුක්‌ත තැටිය පුරවා දැමීමේ අවශ්‍යතාවයක්‌ අපට නැත. අනෙක්‌ අතට අප සෑමවිටම උත්‌සාහ ගන්‌නේ ප්‍රතිරූපණ අයිතිය මත තදින්‌ පිහිටුවා කටුයුතු කිරීමටය. ඇතුලත්‌ වන සෑම ලිපියක්‌ම ඒ ඒ අංශයේ ප්‍රවීණයන්‌ විසින්‌ රචිත ඒවා මිස අන්‌තර්‌ජාලයේ ලිපි පරිවර්‌තනයෙන්‌ පළ කරන ලද ඒවා නොවේ.

මෙවර කලාපයේ සිට අප විසින්‌ මුද්‍රණය සඳහා ප්‍රමුඛතාව වැඩි කිරීමට තරමක්‌ කුඩා අක්‍ෂර සහ නව වින්‍යාසයක්‌ යොදාගැනීමට තීරණය කෙරුණා. ඒ බොහොමයක්‌ දෙනා තවමත්‌ කියවීම සඳහා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීමට කැමත්‌තක්‌ දක්‌වන බව හැඟුනු නිසයි.එසේම බොහෝදෙනාගේ ඉල්‌ලීමට අනුව අප සංයුක්‌ත තැටිය මත ස්‌ටිකරයක්‌ නොමැති මුද්‍රණයකට යොමුවීමට තීරණය කෙරුණා.

සංයුක්‌ත තැටියේ මෘදුකාංගය හැකිතාක්‌ සරලව ගෙන ඒම අප මුල සිට තීරණය කරන ලද්‌දක්‌. සජීවී කරණ වලින්‌ එය විචිිත්‍රව ඉදිරිපත්‌ කළ හැකි මුත්‌ පාඨකයා හට පහසුවෙන්‌ අවශ්‍ය ලිපි සහ වැඩසටහන්‌ කියවීමේ හැකියාව ලබාදෙන අයුරින්‌ සහ පාඨකයාට අපහසුවක් නොවන අයුරින්‌ ‌ එය ගෙන ඒමට අප උත්‌සාහ කරනවා. එක්‌ එක්‌ කලාපයට වෙනස්‌ වෙනස්‌ අතුරුමුහුණත්‌ (­graphical interface) ලබා දිය හැකි වුවත්‌, එකම ආරක අතුරු මුහුණතක්‌ ලබා දීම පහසුවක්‌ ලෙසින්‌ අප දකින බැවින්‌ එලෙස ඉදිරිපත්‌ කරමු.

cPlus සඟරාවේ ගමන්‌ මග තීරණය කරන ප්‍රධාන නියමුවා පාඨක ඔබය. ඔබගේ යෝජනා චෝදනා අප අගය කොට සලකමු.

Posted on April 9, 2010 · Categorized under Editorial Note · Sinhala

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5