Home » 2010 » May

ලොකු ලොකු වැඩ වලට Cassandra

Cassandra කෙටියෙන්‌ හැඳින්‌වුවහොත්‌, ‌විවෘත කේත බෙදා හරින ලද දත්‌ත කළමනාකරණ පද්‌ධතියක්‌ (open source distributed non relational database management system). මෙය ඉතා විශාල දත්‌ත හැසිරවීම සඳහා භාවිතා වන දත්‌ත පද්‌ධතියකි‌. මේ වන විට Apache committers එක විසින්‌ සංවර්‌ධනය කිරීම්‌ කෙරුනත්‌ මුලින්‌ම cassandra පද්‌ධතිය නිර්‌මාණය කෙරුනේ facebook අඩවිය සඳහායි. (facebook මූලික වශයෙන් php, MySQL සහා Apache භාවිතා කරයි. Index search එන්ජිම වේගවත් කිරීම සඳහා cassandra නිර්මාණය කෙරිණ.)

මේ වන විට Digg, twitter, reddit ආදී ටෙරාබයිට්‌ සිය ගණන්‌ වලින්‌ දත්‌ත හුවමාරු වන වෙබ්‌ අඩවි වල දත්‌ත හසුරුවන්‌නට යොදාගන්‌නේ cassandra database system එකයි. මෙය NoSQL භාවිතයෙන්‌ Google විසින්‌ භාවිතා කරන BigTable වල ඇති ColumnFamily database මොඩයලය ආදර්‌ශයට ගෙන Dynamo දත්‌ත ගබඩා කිරීමේ ක්‍රමවේදයට අනුව නිපදවූවක්‌.

මෙම database system එක server කීපයක දත්‌ත අනු ලෙස (multimple node) පිටපත්‌ කරගනී. මේ නිසා එක්‌ නෝඩ‌යක්‌ යාවත්‌කාලීන කිරීම නැවතුනහොත්‌,‌ තව එකකින්‌ නැවත පිහිටවනු ලබයි. ඒ අනුව දත්‌ත ඉල්‌ලන විට අඩුවෙන්‌ම භාවිතාවෙන සර්‌වරයෙන්‌ දත්‌ත සැපයිය හැක. එසේම පද්‌ධතියේ දරා ගැනීමේ හැකියාව වැඩි කිරීමට අවශ්‍යනම්‌ සිදුකළ යුත්‌තේ තවත්‌ server පද්‌ධතියට සම්‌බන්‌ධ කිරීම පමණයි. ­facebook වැනි විශාල දත්‌ත ගබඩා ඇති වෙබ්‌ අඩවි සඳහා මෙවැනි දත්‌ත පද්‌ධතියකින්‌ ලැබෙන සේවය ඉතා ඉහලයි.

මෑතක්‌ වෙනතුරුම Digg වෙබ්‌ අඩවිය භාවිතා කළේ MySQL දත්‌ත පද්‌ධතියක්‌ වුවත්‌ පසුගිය මාසයේ ඔවුන්‌ Cassandra වලට මාරු වුනා. Digg අඩවිය ප්‍රකාශ කර සිටින්‌නේ තම පද්‌ධතියට MySQL දරාගත නොහැකි බවයි. තවද Digg අඩවියේ සමහර අංග MySQL තුළ ක්‍රියාත්‌මක වීම සඳහා තත්‌පර 14ක්‌ පමණ ගතවුවත්‌ Cassendra එය තත්‌පරයක්‌ ඇතුළත‌ කරදීමට සමත්‌ බව පැවසෙනව.

Posted on May 13, 2010 · Categorized under Article Archive · Sinhala

2012 Doomsday සහ නොස්ත්‍රදාමුස්

වසර 2012, දිනය දෙසැම්බර් 21. විවිධ ආගම් සහ සම්ප්‍රදායන් විසින් සඳහන් කරන අවසන් දිනය එළඹී ඇත. බොහෝදෙනා කතාකරන මාතෘකාවක් වුනු 2012 ලෝක විනාශය Forbidden archives තුලින්.

2012 සංසිද්ධිය වෙත බොහෝ දෙනා සිතන්නට යෙදුනේ 2012 Doomsday චිත්‍රපටිය තිරගත වීමත් සමගයි. 2012 සංසිද්ධිය මායන් වරුන්ගේ දිනදර්ශනය හා ඍජු සම්බන්ධතාවක් දක්වයි. දින 144000ක දීර්ඝ අවුරුදු චක්‍රයක් (බක්ටූන්) අවසන් වන්නේ 2012 දෙසැම්බර් 20 වන දිනයි. එම නව යුගය ඇරඹුම දෙසැම්බර් 21 දින සිදුවේ.(තවත් මතයකට අනුව මෙය දෙසැම්බර් 23 වන දින වේ.) නමුත් මෙදින ලෝක විනාශය සිදුවිය හැකිද? මායන් වරු එක් වර්ෂ චක්‍රයක් ආරම්භය ඉතා උත්සව ශ්‍රීයෙන් සමරන බව කියවේ. එවන් දිනයක ලෝක විනාශය සිදු විය හැකිද?

මායන් වරු කැලැන්ඩර් කීපයක් භාවිතා කර ඇත.ඉන් ප්‍රධානම කැලැන්ඩරයට අනුව වර්ෂ චක්‍රයකට වර්ෂ 394 කට ආසන්න කාලයකි. ඒ අනුව පසු ගිය බක්ටූනය (b’ak’tun) ගෙවීගියේ වසර 1618 සැප්තැම්බර් 18වන දිනයි. ප්‍රවාදයන්ට අනුව කියවෙන්නේ මායන් දීර්ඝ දින දර්ශනය ආරම්භ වී ඇත්තේ ලෝකය ආරම්භ දිනයේදීය. එනම් ක්‍රිස්තු පූර්ව 3114 ඔක්තෝම්බර් 11 වන දිනයි. එය ඇරඹෙන්නේ බක්ටූන 13, 12 , 11 ආදීලෙස අඩුවෙමින්. එය 0 දක්වා ගමන්කොට නැවතත් එකිනෙක වැඩිවීමට පටන්ගනී. ඒ අනුව මේ අප ගත කරන්නේ ලෝක ආරම්භයේ සිට 25 වන බක්ටූනයයි. නො එසේනම් 12 වන බක්ටූනයයි. 2012 එලඹීමට නියමත වන්නේ 13න් වන බක්ටූනයයි. නමුත් මේ පිළිබඳවද විවිධ මත භේද පවති. නමුත් මේ ලිපියේ වපසරියෙන් ඔබ්බට යන බැවින් ඒ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ.

ඊලඟට අපි මේ කැලන්ඩරය පසෙක තබා යොමුවන්නේ නොස්ත්‍රදාමුස්(Nostradamus) වෙතටයි. නොස්ත්‍රදාමුස් බොහෝ දෙනා දන්නා පරිදි අවුරුදු 500කට පමණ පෙර අද ගැන සාර්ථක අනාවැකි පළකලේ යැයි ප්‍රසිද්ධ අයෙකි. ඔහුගේ අනාවැකි නිවැරදි බව බොහෝ දෙනා පිලිගන්නා අතර සමහරුන් පවසන්නේ ඔහුගේ ගැටලු සහගත වැකි අනාගතයට හරියන ලෙස අපි විසින් සකස් කරගන්නා බවයි. කෙසේ නමුත් නොස්ත්‍රදාමුස් ගේ අනාවැකි එක එල්ලේ බොරුවක් ලෙස අපට ඉවත දැමිය නොහැක. නොස්ත්‍රදාමුස් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනු The Centuries නම් ග්‍රන්ථය මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මොහු විසින් අනාවැකි කීම සඳහා සහජ හැකියාව, ජ්‍යෝතිෂය, සින්දුරම් ශාස්ත්‍රය(Alchemy)ආදිය භාවිතා කර ඇත. අනාවැකි ඉදිරිපත් කිරීමේදී කරුණු කියවූ විට එකවරම නොවැටහෙන පරිදි ඉදිරපත් කිරීම ඔහුගේ තවත් විශේෂත්වයකි. The Centuries නමින් පලකරන ලද ග්‍රන්ථයේද සියලු අනාවැකි මෙසේ සඟවා ප්‍රකාශ කර ඇත. නමුත් ඒ අදාල සිද්ධිය සිදුවු පසු මේ කියන්නට යෙදුනේ මෙම අනාවැකිය බැව් පැහැදිලව පෙනෙන ලෙස ඒවා ලියා ඇත. කෙසේනමුත් බොහෝ දෙනා විසින් බලාපොරොත්තු වුන පරිද තුන්වන ලෝක යුද්ධයක් සිදු නොවීම නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ගැන ලොකු විශ්වාසයක් තැබිය නොහැකි තත්වයකට ගෙන එන්නක් වී ඇත.

The young lion will overcome the older one,
On the field of combat in a single battle;
He will pierce his eyes through a golden cage,
Two wounds made one, then he dies a cruel death.

යුධ බිමේ දී එක් සටනකදී
තරුණ සිංහයා විසින් මහළු සිංහයා පරදවයි,
ඔහු විසින් ඔහුගේ ඇස් රන්කූඩුව හරහා යයි
තුවාල දෙකක් එකක් වේ, පසුව ඔහු දුක්ඛිත මරණයකට පත්වේ.

(Century 1, Quatrain 35)

මේ අනාවැකිය ප්‍රංශයේ දෙවන හෙන්රි රජුගේ මරණය ගැනයි. හෙන්රි රජු Jousting නමින් හැඳින්වෙන අශ්වයන් පිට නැගි හෙල්ලක් අතින් ගෙන කරන කරන ද්වන්ද සටනකදී දරුණු ලෙස තුවාල ලබා මිය ගියේය. මෙම සටනේදී ප්‍රතිවාදියා වූ Gabriel, comte de Montgomery සහ හෙන්රි රජු යන දෙදෙනාම සිංහයා කොටා ඇති ලෝහ ඇඳුමක් හැඳ සිටියේය. ප්‍රතිවාදියා ඔහුට වඩා අවුරුදු 6ක් බාලය. The young lion will overcome the older one, On the field of combat in a single battle; යන වැකියෙන් එය පසක්වෙයි. මෙහිදී තුවාල දෙකක් සිදුවුන අතර. එකක් දරුණුව රජු මියගියේය. (Two wounds made one, then he dies a cruel death.) නොස්ත්‍රදාමුස් කී දෙයෙක් ලෙහෙසියෙන් අත හැරිය නොහැකි බව මෙයින් පසක් වේි.ඔහු John F. Kennedy ඝාතනය, 911 සිද්ධිය, නැපෝලියන් බොනපාට්, හිට්ලර් යන අය ගැන ප්‍රසිද්ධ අනාවැකි පලකළ අයෙකි. 2012 සඳහා නොස්ත්‍රදාමුස් කිසියම් අනාවැකියක් පල කළ ඇතිද යන්න අපට ඉතා වැදගත් වන්නේ ඒ නිසාය. බොහෝ විට නොස්ත්‍රදාමුස් වර්ෂය පවසන්නේ ව්‍යංගයෙනි. නොඑසේ නම් ඒ ආසන්න සිද්ධියක් හා ගලපා ගනිමින් අපට වර්ෂය සොයාගැනීමට සිදුවේ. එසේ නමුදු පසු කාලිනව සොයාගත් මුද්‍රණයෙන් පිට නොවූ නොස්ත්‍රාමුස් විසින් නිර්මිත යැයි සැක කරන චිත්‍ර සටහන් කීපයකට අනුව ලෝක විනාශයක් ගැන කියවෙන බවට මත පලවේ. මෙම ලිපිය සමග ඒ පිංතූරද ඇතුලත් වේ.

අපට පෙනෙන අහස පෘථිවියට, සෞරග්‍රහ මණ්ඩලයට සාපේක්‍ෂව වර්ෂ 72කදී අංශක එකකින් වාමාර්තව භ්‍රමණයවේ. මෙය පෘථිවියේ ඇලය නිසා සිදුවන්නකි. මේ හේතුව නිසා වසර 26000කට පමණ වරක් සූර්යා අප සිටින චක්‍රාවාටයේ (කිරිසයුර – Milky Way) මධ්‍ය ලක්‍ෂයට පැමිනේ. මායන් දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වෙනි දින වන විට නැවතත් පෘථුවිය සූර්යා සහ කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂ එකිනෙක එකම රේඛාවක පිහිටන බවට මතයක් ඇත. නමුත් මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි මතයක් නොවේ. මන්ද සූර්යා කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂය පහු කරන එක දිනයක් නොමැති විමයි. කෙසේ වෙතත් මේ කාලයේදී සූර්යා කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂය පසු කරමින් සිටි. මේ සඳහා අවුරු 30ක් පමණ ගත වේ. ඒ අනුව 2012 දෙසැම්බරය කිසිදු විශේෂත්යක් නොදක්වයි. කෙසේ වුවත් බක්ටූනය අවසන්විමත් ගැලැක්ටික් අලයින්මන්ට් නමින් හැඳින්වෙන මෙම සංසිද්ධියත් යන දෙකම එකවර සිදුවන බැවින් එයින් ලෝක විනාශයක් කියවෙන බව සමහර අය මත පල කරයි. මේ සඳහා සාක්‍ෂි ලෙස දක්වන්නේ නොස්ත්‍රදාමුස් විසින් ඇඳ ඇති බවට විශ්වාස කරන මේ චිත්‍රයි.

1 රූපය තුළ ඇති සූර්යා දෙස බලන්න – සූර්යාගේ කිරණ 7ක් ඇත එසේම ඉහල රිබන් පටියත් සමග අති චක්‍රය තුළ රේඛා 7ක් ඇත. අනෙක් සෑම චිත්‍රයකම රිබන් පටියක් සහ චක්‍රයක් ඇත. එසේම ඒ හැම චක්‍රයකම රේඛා 8 බැගින් ඇත. මේ චිත්‍ර අතර ඇති සම්බන්ධතා විවිධ අදහස් සහ මතභේද ඇත. කෙසේ නමුත් මේ සෑම චිත්‍රයකම ඇති චක්‍රය විසින් සූර්යා නිරූපණය වන බව පලමු චිත්‍රය මගින් පැහැදිලි වේ. රතු තොප්පියක් පැලඳ සිටින සිංහයා සිංහ රාශිය නිරූපණය කරන අතර හිරු කිරණ මගින් සත්වන චක්‍රය නිරුපණය කරයි. (ජ්‍යෝතිෂයට අනුව විවිධ රාශීන් සඳහා වර්ෂ යුගයන්ට බෙදීමක් කරයි) ඒ අනුව සිංහ යුගයේ ආම්භවන 8වන චක්‍රය මෙමගින් නිරුපණය කරන බව සිතිය හැක. 7වන රූපයේදී චක්‍රය තුළ සූර්යා නොමැත. අනික් චිත්‍රවල පැවති පොත මේ චිත්‍රෙය් හිස්ව ඇත. සූර්යා නැවත උදා නොවන බවත් ජීවිතය පිළිබඳපොත(book of life) හිස්ව ඇති බවත් එක් මතයකට අනුව කියවේ.

මෙහි රූප එකිනෙක සම්බන්ධ කරමින් විවිධ මත පලකොට ඇත. ඒ සෑම එකකින්ම බොහෝ දෙනා උත්සාහ කරන්නේමේ චිත්‍ර මගින් 2012 සංසිද්ධිය පිළිබඳ කියවෙන බවයි.

Web bot නම් අනාවැකි කිවහැකි පරිගණක වැඩසටහනකි. මෙය මූලිකව අන්තර්ජාලයේ සෙවීම් කිරීම මගින් කොටස් වෙළඳ පොල සහ ආර්ථික වැටීම් නැගීම් පිළිබඳ අනාවැකි සිදු කිරීම සඳහා නිර්මාණය කළ මෘදුකාංගයකි. නමුත් මෙම මෘදුකාංගය භාවිතයෙන් අනෙකුත් අනාවැකිද කිව හැකි බව එහි නිර්මාතෘවරුන් පවසයි. මොවුන් විසින් පළකරන ලද අනාවැකිවල නිවැරදිතාවය 50%ක් පමණ වේ. web bot නිර්මාතෘ විසින් 2012 දී පෘතුවියේ උත්තර හා දක්‍ෂිණ ධ්‍රැව වල චුම්භකතාවය මාරු විය හැකි බව පවසා ඇත. නොඑසේනම් න්‍යෂ්ටික පිපිරිම් කීපයක් සිදුවිය හැකි බව පවසයි.

2012 සංසද්ධිය ඉතා සංකීර්ණ වූ මති මතාන්තර මතින් ගොඩ නැගි ඇත. කෙසේ වුවත් මේවා බොහෝදුරට ඒ ඒ මත ඉදිරිපත් අයට පිලිගැනීමට අවශ්‍ය කරුනු අවශ්‍ය ලෙස දැකීමට ඇති ඕනෑකම නිසා සාදාගත් ඒවා වීමට බොහෝ දුරට ඉඩ ඇත. අනෙක් අතට මායන් කැලැන්ඩරයට අනුව 2012දී ලෝක විනාශයක් පිළිබඳ ඍජු අදහක් නොකියවේ. නොස්ත්‍රදාමුස්ගේ යැයි සැක කරන චිත්‍ර ගැනද විවිධ මත ඇත. web bot මෘදුකාංගය වෙබ් අඩවි මගින් ලබාගන්නා තොරතුරු මත ප්‍රතිඵලයකට එලඹෙන බැවින් ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය නොහැක.

ලීවේ. දසුන් සමීර වීරසිංහ

Posted on May 11, 2010 · Categorized under Article Archive · Sinhala

තොරතුරු තාක්‍ෂණය, දේශීයකරණය සහ රටේ අනාගතය

තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය දැන්‌ සැම තැනම කතා කරන මාතෘකාවක්‌ වෙලා. පහුගිය කාලය තුළ Mozilla Firefox, ලිනක්‌ස්‌ මෙහෙයුම්‌ පද්‌ධති වගේම ­Microsoft Windows Vista සහ MS Office 2007 පැකේජයන්‌ පවා සිංහලට පැමිණීම මෙහිලා විශේෂ කොට දක්‌වන්‌න පුලුවන්‌. එමෙන්‌ම නුදුරු අනාගතයේදී තව තවත්‌ වටිනා මෘදුකාංග දේශීයකරණය වෙනු ඇති.

ඉංග්‍රීසි මෘදුකාංග වලට සිංහල අතුරු මුහුණත්‌ (interface) සැකසීම දේශීයකරණයට ප්‍රමාණවත්‌ නොවේ. අපගේ දැක්‌ම අනුව දේශීයකරණය දෙයාකාරයකින්‌ සිදුවිය යුතු යි. පළමුව දේශීය ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය දැනුම ඉහල දැමිය යුතුය. ගොවිපලේ සිට කර්‌මාන්‌ත සහ කාර්‌යාලීය මට්‌ටම දක්‌වා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මේ යටතට වැටේ. භාෂාව මේ සඳහා විශාල බාධකයක්‌ විය හැකි බැවින්‌ දේශීයකරණයට සිදු කිරීමේදී ඒ ඒ අංශයන්‌ගෙන්‌ රටට සිදුව ඍජු සහ වක්‍ර බලපෑම්‌ අනුව ඒවාට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්‌මක කළ යුතුය.

දෙවන කොටසට අයිති වනුයේ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා තාක්‍ෂණවේදීන්‌ සැකසීමේ කාර්‌යයයි. මේ සඳහා ක්‍රමවත්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම්‌ ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ට සහ දැනට එම ක්‍ෂේත්‍රෙය්‌ නියැලෙන අයට ලබාදීම අනිවාර්‌ය වේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ සඳහා අතිරේක විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය(ICT සහ GIT) හඳුන්‌වා දීම මෙහි ලා අගය කළ යුතු ක්‍රියාමාර්‌ගයකි. එසේම නව විෂය නිර්‌දේශය යටතේ උසස්‌ පෙළ ප්‍රධාන විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය (IT) ඉගැන්‌වීමට ආරම්‌භ කිරීම වඩාත්‌ අගය කළ යුතුය. ඉතා වටිනා අගය කළයුතු විෂය නිර්‌දේශයකින්‌ එය සමන්‌විතය.

අපගේ දැක්‌මට අනුව දැනට අරටුව ශක්‌තිමත්‌ව සැකසෙමින්‌ පවතී. අනෙකුත්‌ බාහිර කරුණු ද, එයට අවශ්‍ය කරන ශක්‌තිය ද ලබාදේ නම්‌ ත්‍රස්‌තවාදයෙන්‌ මිදුනු අපේ රටට අහිමිව ගිය ආර්‌ථික ස්‌ථානයද නැවත හිමිකරදීමට අනාගත පරපුරට හැකි වනු නොඅනුමානය.

Posted on May 10, 2010 · Categorized under Editorial Note · Sinhala

May 2010 – Vol No. 1 Issue No. 5

කතුවැකිය

මෙම කලාපයේ

Computer Technology

  • සමාජ ජාල හෙවත් Social Networks (Cover Story)
  • ත්‍රිමාණයට ගිය රූප පෙට්ටිය | 3D Television
  • Colombo Ride 3D
  • Server නිවසේ සිටම පවත්වා යෑම
  • Adobe CS5 දොරට වැඩුම
  • සිංහල මිනි බ්ලොග් මැරතන්
  • පරිවර්තන මැරතන් තරඟය
  • හොරෙන් ආ iPhone 4G
  • චීනයේ Golden Shield Project
  • සිංහල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම
  • සිංහල මිනි බ්ලොග් මැරතන්
  • Computer Hardware
  • How to disable the power and sleep buttons
  • Oracle VirtualBox

Interactive Learning

  • Adobe Illustrator – දුලිත් පතිරගේ
  • Maya – අමිල සී කුමාරසිංහ
  • Adobe Premiere – විරංග කටිපෙආරච්චි
  • Adobe Photoshop – දුලිත් පතිරගේ
  • Adobe After Effect – අමිල සී කුමාරසිංහ
  • Inkscape – දසුන් සමීර වීරසිංහ
  • Sinhala blogging
  • Gimp

ප්‍රපංච

  • ඔගස් කොම්ට්
  • මිනිසාගේ සම්භවය සහ පරිණාමවාදය
  • පද්‍ය සංදේශය
  • රට පෙරළන ලියවිල්ල
  • පෙම් කිරීම තහනම්
  • පශ්චාත් නූතන වාදය
  • රට පෙරළන ලියවිල්ල
  • ලීක්වූ සඳ එළිය
  • විතක් මධු පෙරා ගෙනැල්ලා

විශේෂාංග

  • Chess – End Game Basic
  • Fatal rain check – Part 3
  • මැජික්
  • Astronomy [SkyLk]
  • නැතුවම බැරි විටමින්
  • සඳමත ගොඩනැගිලි

අධ්‍යාපනික

  • ඉංග්‍රීසි
  • ජීව විද්‍යාව
  • සංයුක්ත ගණිතය
  • O/L ICT

Podcast

  • Techකතා Episode 57 and Episode 56
  • SkyLk Episode 13, Episode 14 and Episode 15

Posted on May 10, 2010 · Categorized under Issues · Sinhala

ටෙක්කතා අහපු අපිට දැන් ලිනක්ස්කතා

ටෙක්කතා තාක්ෂණික සමූහය විසින් සිංහල කතා කරන සමාජයට කරන සේවය ඉතාමත් විශිෂ්ඨයි. ඒවගේම මේ කන්ඩායම විසින් තවත් සමූහයක් ආරම්භ කරල තියෙනවා. ඒ ලිනක්ස් ගැනම පමණක් කතා කරන්න .එසේම ලඟදීම Podcast සේවයක් ආරම්භ කරන්නට මේ කන්ඩායම සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා. තවත් බල බලා නොයිඳ දැන්ම මේ සමූහය හා ඔබත් එකතු වෙන්න. http://groups.google.com/group/linuxkatha

Posted on May 4, 2010 · Categorized under News

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5