Home » Article Archive » ලොකු ලොකු වැඩ වලට Cassandra

ලොකු ලොකු වැඩ වලට Cassandra

Cassandra කෙටියෙන්‌ හැඳින්‌වුවහොත්‌, ‌විවෘත කේත බෙදා හරින ලද දත්‌ත කළමනාකරණ පද්‌ධතියක්‌ (open source distributed non relational database management system). මෙය ඉතා විශාල දත්‌ත හැසිරවීම සඳහා භාවිතා වන දත්‌ත පද්‌ධතියකි‌. මේ වන විට Apache committers එක විසින්‌ සංවර්‌ධනය කිරීම්‌ කෙරුනත්‌ මුලින්‌ම cassandra පද්‌ධතිය නිර්‌මාණය කෙරුනේ facebook අඩවිය සඳහායි. (facebook මූලික වශයෙන් php, MySQL සහා Apache භාවිතා කරයි. Index search එන්ජිම වේගවත් කිරීම සඳහා cassandra නිර්මාණය කෙරිණ.)

මේ වන විට Digg, twitter, reddit ආදී ටෙරාබයිට්‌ සිය ගණන්‌ වලින්‌ දත්‌ත හුවමාරු වන වෙබ්‌ අඩවි වල දත්‌ත හසුරුවන්‌නට යොදාගන්‌නේ cassandra database system එකයි. මෙය NoSQL භාවිතයෙන්‌ Google විසින්‌ භාවිතා කරන BigTable වල ඇති ColumnFamily database මොඩයලය ආදර්‌ශයට ගෙන Dynamo දත්‌ත ගබඩා කිරීමේ ක්‍රමවේදයට අනුව නිපදවූවක්‌.

මෙම database system එක server කීපයක දත්‌ත අනු ලෙස (multimple node) පිටපත්‌ කරගනී. මේ නිසා එක්‌ නෝඩ‌යක්‌ යාවත්‌කාලීන කිරීම නැවතුනහොත්‌,‌ තව එකකින්‌ නැවත පිහිටවනු ලබයි. ඒ අනුව දත්‌ත ඉල්‌ලන විට අඩුවෙන්‌ම භාවිතාවෙන සර්‌වරයෙන්‌ දත්‌ත සැපයිය හැක. එසේම පද්‌ධතියේ දරා ගැනීමේ හැකියාව වැඩි කිරීමට අවශ්‍යනම්‌ සිදුකළ යුත්‌තේ තවත්‌ server පද්‌ධතියට සම්‌බන්‌ධ කිරීම පමණයි. ­facebook වැනි විශාල දත්‌ත ගබඩා ඇති වෙබ්‌ අඩවි සඳහා මෙවැනි දත්‌ත පද්‌ධතියකින්‌ ලැබෙන සේවය ඉතා ඉහලයි.

මෑතක්‌ වෙනතුරුම Digg වෙබ්‌ අඩවිය භාවිතා කළේ MySQL දත්‌ත පද්‌ධතියක්‌ වුවත්‌ පසුගිය මාසයේ ඔවුන්‌ Cassandra වලට මාරු වුනා. Digg අඩවිය ප්‍රකාශ කර සිටින්‌නේ තම පද්‌ධතියට MySQL දරාගත නොහැකි බවයි. තවද Digg අඩවියේ සමහර අංග MySQL තුළ ක්‍රියාත්‌මක වීම සඳහා තත්‌පර 14ක්‌ පමණ ගතවුවත්‌ Cassendra එය තත්‌පරයක්‌ ඇතුළත‌ කරදීමට සමත්‌ බව පැවසෙනව.

Posted on May 13, 2010 · Categorized under Article Archive · Sinhala

Get a Trackback link

No Comments Yet

You can be the first to comment!

Leave a comment

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5