YouTube HTML5 ගැන අදහස අතහරී
YouTube දැනට පවතින නොමිලේ වීඩියෝ වැඩසටහන් අන්තර්ජාලයට එක් කර දෙන වැඩසටහන් අතරින්වඩා ජනප්‍රියම වැඩසටහනයි. Web අඩවියක් ලෙස සැලකුවත් එය ලොව 3න් වෙනුවට වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවිය යි.
HTML5 නම් නව HTML වෙළුම ආරම්භයත් සමගම වගේ YouTube විශේෂයෙන් HTML5 video පහසුකම යොදා වීඩියෝවක් පෙන්වන වෙනමම වෙබ් සේවයක් ආරම්භ කළා. බොහෝ දෙනා සිතුවේ අනාගතයේදී YouTube දැනට භාවිතා කරන Flash Plugin එක අත හැර නව HTML5 හි ඇති video ටැග් පහසු කම භාවිතා කරනු ඇත කියා යි. නමුත් YouTube සඳහන් කර සිටින්නේ මේ ආකාරයට YouTube සේවාව සම්පූර්ණයෙන්ම HTML5 වලට මාරු කළ නොහැකි බවයි. ඒ සඳහා HTML5 තුළ පහසුකම් ස්ථාපනය වී නැති බවයි.
තවදුරටත් YouTube හී තාක්ෂණික බ්ලොග් අඩවියේ සඳහන් කොට ඇත්තේ HTML5 video පහසුකම Flash සඳහා ආදේශකයක් නොවන බවයි. එසේ කරන්නට නම් YouTube සේවාවේ ඇති පහසුකම් බොහෝමයක් කැප කිරීමට සිදුවෙනවා. උදාහරණයක් විදියට Flash තුළ වීඩියෝව පරිශීලකයාට අවශය ලෙස වීඩියෝවේ තත්වය පහත් කිරීමේ (dynamic video quality control) පහසු කම, කැමති තැනක සිට වීඩියෝව නැරඹිමේ පහසුකම, සම්පූර්ණ තිරය දක්වා වීඩියෝව විශාල කිරීමේ හැකියාව ආදී පහසුකම් රැසක් HTML5 හී video ටැක් එක භාවිතා කර කරන වීඩියෝ දර්ශනයකදී කළ නොහැකියි.
HTML5 වල video tag එක සමග වීඩියෝ දර්ශනයක් ඇතුළත් කිරීම සමාන්‍ය වෙබ් අඩවියකට පහසුවක් වුවද YouTube වැනි සේවාවකට එය තවමත් හරිහැටි සමපාත නොවේ. කෙසේ වුවත් YouTube විසින් HTML5 ඔස්සේද වීඩියෝ බැලීමේපහසුකම දිගටම ලබාදීමට තීරණය කර ඇත. Flash සඳහා තවමත් සහය නොදක්වන iPhone හිමියන්ට මෙය යහපත් ආරංචියක් වෙනු ඇත.





වීඩියෝ ටැග් එක තාම තියෙන්නේ මූලික අවධියෙ. ඒ වගේ දෙයක් නිසා ෆ්ලෑෂ් වගේ ගොඩක් දියුණු තාක්ෂනයක් අයින් කරල දාන එක තේරුමත් නැති දෙයක්. හැබැයි ෆ්ලෑෂ් නැති අයට HTML5 වටිනව. කවදහරි වීඩියෝ ටැග් එක ඔයිට වඩා දියුණු වෙච්ච දවසක ඔය දේ කරන්න පුළුවං වෙයි.
news එකට ස්තුතියි.