YouTube දැනට පවතින නොමිලේ වීඩියෝ වැඩසටහන් අන්තර්ජාලයට එක් කර දෙන වැඩසටහන් අතරින්වඩා ජනප්‍රියම වැඩසටහනයි. Web අඩවියක් ලෙස සැලකුවත් එය ලොව 3න් වෙනුවට වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවිය යි.
HTML5 නම් නව HTML වෙළුම ආරම්භයත් සමගම වගේ YouTube විශේෂයෙන් HTML5 video පහසුකම යොදා වීඩියෝවක් පෙන්වන වෙනමම වෙබ් සේවයක් ආරම්භ කළා. බොහෝ දෙනා සිතුවේ අනාගතයේදී YouTube දැනට භාවිතා කරන Flash Plugin එක අත හැර නව HTML5 හි ඇති video ටැග් පහසු කම භාවිතා කරනු ඇත කියා යි. නමුත් YouTube සඳහන් කර සිටින්නේ මේ ආකාරයට YouTube සේවාව සම්පූර්ණයෙන්ම HTML5 වලට මාරු කළ නොහැකි බවයි. ඒ සඳහා HTML5 තුළ පහසුකම් ස්ථාපනය වී නැති බවයි.
තවදුරටත් YouTube හී තාක්ෂණික බ්ලොග් අඩවියේ සඳහන් කොට ඇත්තේ HTML5 video පහසුකම Flash සඳහා ආදේශකයක් නොවන බවයි. එසේ කරන්නට නම් YouTube සේවාවේ ඇති පහසුකම් බොහෝමයක් කැප කිරීමට සිදුවෙනවා. උදාහරණයක් විදියට Flash තුළ වීඩියෝව පරිශීලකයාට අවශය ලෙස වීඩියෝවේ තත්වය පහත් කිරීමේ (dynamic video quality control) පහසු කම, කැමති තැනක සිට වීඩියෝව නැරඹිමේ පහසුකම, සම්පූර්ණ තිරය දක්වා වීඩියෝව විශාල කිරීමේ හැකියාව ආදී පහසුකම් රැසක් HTML5 හී video ටැක් එක භාවිතා කර කරන වීඩියෝ දර්ශනයකදී කළ නොහැකියි.
HTML5 වල video tag එක සමග වීඩියෝ දර්ශනයක් ඇතුළත් කිරීම සමාන්‍ය වෙබ් අඩවියකට පහසුවක් වුවද YouTube වැනි සේවාවකට එය තවමත් හරිහැටි සමපාත නොවේ. කෙසේ වුවත් YouTube විසින් HTML5 ඔස්සේද වීඩියෝ බැලීමේපහසුකම දිගටම ලබාදීමට තීරණය කර ඇත. Flash සඳහා තවමත් සහය නොදක්වන iPhone හිමියන්ට මෙය යහපත් ආරංචියක් වෙනු ඇත.
Posted on July 2, 2010 · Categorized under News · Sinhala
ලොවපුරා මිලියන 17 දෙනෙකුට වඩා භාවිතා කරන Flock Web බ්‍රව්සරය නිර්මාණයට මින් පෙර භාවිතා කළේ Firefox කේතයන් වුවද ලඟදීම නිකුත් කරන්නට යෙදෙන Flock 3 වෙළුමේ සිට ඉදිරියට Google Chrome භාවිතා කරන්න තීරණය කොට ඇත. මෙම වැඩසටහනේ බීටා වෙළුම භාගත කිරීමට පහත ලිපිනයට පිවිසෙන්න. http://beta.flock.com/
Posted on June 20, 2010 · Categorized under News · Sinhala
බ්ලොග් අඩවි සඳහා භාවිතා වෙන ජනප්‍රියම පද්ධතිය වන WordPress හී 3වන වෙළුම පසු ගිය ජුනි 17 වන දින(ඊයේ) නිකුත් වුනා.
නව වෙළුමේ වඩා සුවිශේෂිතම අංගය වනුයේ බ්ලොග් අඩවි කිහිපයක් එකම WordPress ස්ථාපනයක් මගින් සිදු කළහැකි වීමයි. එසේම plugins භාවිතයකින් තොරවම Menu ඇතුලත් කිරීමට හැකියි.
වැඩි විස්තර සඳහා http://wordpress.org/development/2010/06/thelonious/ බලන්න.
Posted on June 18, 2010 · Categorized under News
ටෙක්කතා තාක්ෂණික සමූහය විසින් සිංහල කතා කරන සමාජයට කරන සේවය ඉතාමත් විශිෂ්ඨයි. ඒවගේම මේ කන්ඩායම විසින් තවත් සමූහයක් ආරම්භ කරල තියෙනවා. ඒ ලිනක්ස් ගැනම පමණක් කතා කරන්න .එසේම ලඟදීම Podcast සේවයක් ආරම්භ කරන්නට මේ කන්ඩායම සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා. තවත් බල බලා නොයිඳ දැන්ම මේ සමූහය හා ඔබත් එකතු වෙන්න. http://groups.google.com/group/linuxkatha
Posted on May 4, 2010 · Categorized under News
2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව 2010 අප්‍රේල් 24 සෙනසුරාදා අපර භාග 8 සිට 2010 අප්‍රේල් 25 ඉරිදා පූර්ව භාග 8 දක්වා පුරා පැය 12ක් සයිබර් අවකාශය තුල පැවැත්වේ.
Posted on April 11, 2010 · Categorized under News · Sinhala
බන්දුල ගේ රට පෙරලන ලියවිල්ල කියවා මාස්පතා තෑගි දිනාගන්න. වැඩිවිස්තර සඳහා cPlus සඟරාවේ ප්‍රපංච අතිරේකයේ පල වන රට පෙරලන ලියවිල්ල කියවන්න. ඔබගේ ප්‍රතිචාර ලබාදීමට මෙම සමූහයේ සාමාජිකත්වය ලබා ගන්න. http://groups.google.lk/group/rataperalanaliyavilla?pli=1
Posted on February 17, 2010 · Categorized under News · Sinhala
cPlus සඟරාව බෙදාහැරීම සඳහා අලවිනියෝජිතයන් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 011-4907419ට අමතන්න.
Posted on January 3, 2010 · Categorized under News · Sinhala
KeyTouch is free IME for MS Windows. Download beta version from here
Posted on November 15, 2009 · Categorized under News · Sinhala